වන්දි

This page was last updated on: 20-05-04

අතිකාල සඳහා ගෙවීම් කිරීම

සාප්පු හා කාර්යාල සේවක පනත ප්‍රකාරව, සාමාන්‍ය වැඩ කරන පැය ගණන දිනකට පැය 8 ක් සහ සතියකට පැය 45 ක්වේ. කර්මාන්තශාලා ආඥාපනත ප්‍රකාරව සාමාන්‍ය වැඩ කරන පැය ගණන ආහාර ගැනීම හා විවේකය සඳහා ලබා දෙනු ලබන වෙලාව, හැර දිනකට පැය 09 නොඉක්මවිය යුතු වේ. රාජ්‍ය ආයතනයක විධායක හෝ කළමනාකාර තනතුරක් දරන සහ මූලික වැටුප් පරිමාණය වසරකට රු. 6720 අඩු නොවන ඒකාබද්ධ වැටුපක් ලබන පුද්ගලයෙකු හට සාමාන්‍ය වැඩ කරන පැය ගණන පිලිබඳ සීමාව බල නොපායි. කිසියම් සේවකයෙකු නියම කර ඇති පැය ගණන ඉක්මවවා සේවයෙහි යෙදේ නම් ඔහුගේ සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් 150%ක අතිකාල ගෙවීමක් ලැබීමට ඔහු / ඇය හිමිකම් ලබයි.  (1.5 of X) සතියක අතිකාල පැය ගණන පැය 12 ඉක්මවිය නොහැකිය.

වෘත්තීයක් සම්බන්ධයෙන් සාමාන්‍ය රාජකාරී දිනකට ඇතුළත් පැය ගණන  වැටුප් පාලක සභා විසින් තහවුරු කරයි.

දෛනික රාජකාරී කරන පැය ගණන පැය 9 ඉක්මවිය නොහැකි අතර ආහාර ගැනීමට හෝ විවේක කාලය ලෙස එක් පැයක කාලයක් නොඉක්මවිය යුතුය. මෙම විවේක කාලය එක් පැයක් වඩා වැඩි නම්, රාජකාරී කරන දිනකට පැය 9ට  එවැනි අතිරේක පැයක කාලය ඇතුළත් විය නොහැකිය. සාමාන්‍ය රාජකාරී කරන දිනකට, සමස්ත කාලය පැය 12 ඉක්ම වුවද රාජකාරී කාලය පැය 12 කට නොවැඩි විය යුතුය. විශේෂ සේවක පන්ති සඳහා වැටුප් පාලක සභාව විසින් රාජකාරී පැය 12 ක් තීරණය කිරීමට ඉඩ ඇත.  

මූලාශ්‍රය :   1954 සාප්පු හා කාර්යාල සේවක පනත 3, 6 සහ 7   රෙගුලාසි (  කර්මාන්තශාලා  ආඥා පනත 67 වගන්තිය) 

රාත්‍රි කාල සේවය සඳහා ගෙවීම් කිරීම

රාත්‍රි සේවය සඳහා අතිරේක  ගෙවීමක් නොමැත

හිලව් නිවාඩු දින / විවේක දින

සතියෙහි විවේක දිනයෙහි සේවයෙහි නිරත වන සේවකයන් සඳහා  සේවායෝජකයා විසින් හිලව් විවේක දිනයක් ලබා දිය යුතු බවට නියම කරනු ලබන විධිවිධානයන් හඳුනාගත නොහැකිය.  කෙසේ වුවද සේවකයෙකු රජයේ නිවාඩු දිනයක සේවයෙහි නිරත වේ නම් දෙසැම්බර් මස 31 වන දිනට පෙර ඔහුට / ඇයට සම්පුර්ණ වැටුප සහිත නිවාඩු දිනයක් ලබා දිය යුතු වේ. 

මුලාශ්‍රය : සාප්පු හා කාර්යාල සේවක පනත 7 වගන්තිය

සති අන්තයේ / රජයේ නිවාඩු දිනවල සේවයෙහි නිරත වීම වෙනුවෙන් ගෙවීම්

සේවකයන්ට සති අන්තවල සහ රජයේ නිවාඩු දිනවල සේවය කරන ලෙසට නියම කළ හැකිය. සේවකයන්ට රජයේ නිවාඩු දිනයක සේවයෙහි නිරතවීමට සිදුවෙයි නම් සාමාන්‍ය වැටුප් අනුපාතිකය මෙන් 200%කට ඔවුනට හිමිකම ඇත. සතියෙහි විවේක දිනවල වැඩ කිරීම වෙනුවෙන් අතිරේක ගෙවිමක් කරනු නොලැබේ.  

මූලාශ්‍රය :  1954 සාප්පු හා කාර්යාල සේවක පනත 7 වගන්තිය

වන්දි පිළිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
Loading...