සේවක ආරක්ෂාව

This page was last updated on: 20-05-04

ලිඛිත රැකියා විස්තර

සේවකයෙකු සිය රැකියාව ආරම්භ කරන අවස්ථාවේදී රැකියාව පිලිබඳ විස්තර සේවයෝජකයා විසින් ඉදිරිපත් කළ යුතු බව 1954 සාප්පු හා කාර්යාල සේවක පනත නියම කරයි. ලිඛිත රැකියා  ගිවිසුම තුළ පහත සඳහන් කරුණු අන්තර්ගත විය යුතුය. සේවකයාගේ නම තනතුර සහ පත්වීමේ ස්වභාවය, පත්වීම ක්‍රියාත්මක වන දිනය, සේවකයා පත් කරනු ලබන ශ්‍රේණිය, මූලික වැටුප් සහ වැටුප් පරිමාණය, වැටුප (පාරිශ්‍රමිකය) ගෙවනු ලබන්නේ සතිපතාද සති 2කට වරක්ද නැතහොත් මාස්පතාද යන වග, ජීවන වියදම් දීමනාව,  (ඇත්නම්) අනිකුත් දීනා (ඇත්නම්) පරිවාස හෝ පුහුණු කාල පරිච්ඡේදය, පරිවාස හෝ පුහුණු කාලපරිච්ඡේදයට අදාල කොන්දේසි සමග එම පරිවාස හෝ පුහුණු කාලය තුළ පත්වීම අවසන් කළ හැකි තත්ත්වයන් රැකියාවට බලපවත්වන කොන්දේසි සහ රැකියාව අවසන් කළ හැකි කොන්දේසි සහ තත්ත්වයන් සාමාන්‍ය වැඩ පැය ගණන, සතිපතා නිවාඩු දින ගණන සහ වාර්ෂික නිවාඩු, ගෙවනු ලබන අතිකාල අනුපාතය, සේවායෝජකයා විසින් වෛද්‍ය ආධාර ලබා දීම  (ලබා දෙනු ලැබේ නම්)  කිසියම් අර්ථසාධක අරමුදලක් වේ නම් ඊට අදාල කොන්දේසි සහ එය ලබා දීම, රැකියාවට අදාල විශ්‍රාම සැලැස්ම සහ පාරිතෝෂික සැලැස්ම සහ උසස්වීම් අවස්ථා ගිවිසුම සේවකයාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැකි භාෂාවකින් ලියා තිබිය යුතු අතර සේවායෝජකයා විසින් අත්සන් කර තිබිය යුතු වේ.   සේවායෝජකයා ගිවිසුමේ පිටපතක් තබා ගත යුතුය. ලිඛිත සේවා නියුක්ති ගිවිසුමක් නොමැති නම් රැකියාවට අදාල කොන්දේසි හා නියමයන් වාචික එකඟතාව‍යෙන් පොදු නීතිය, කිසියම් අදාල නීතිමය විධිවිධානවලින් , සේවා ස්ථානයේ චාරිත්‍ර භාවිතයන් හා සම්ප්‍රදායන් සහ සාමුහික එකඟතාවයක් හෝ කම්කරු විනිශ්චය සභාවේ තීරණ තුළින් පැහැදිලි කර ගත යුතු වේ.

සීමාවාසික ගිවිසුම් පිළිබඳ විධිවිධාන කම්කරු නීතිය තුළ නොමැත. මෙයින් අදහස් වන්නේ සීමාවාසික කාලය තුළ  දීමනාවන් ගෙවීම අනිවාර්ය නොවන වෛකල්පිත දෙයක් බවයි.

මූලාශ්‍රය : 1954 සාප්පු හා කාර්යාල සේවක (සේවා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත 17 වගන්තිය හා 15 වන රෙගුලාසිය

නිශ්චිත සේවා කාල ගිවිසුම්

ස්ථිර ස්වභාවයේ කාර්යයන් සදහා නිශ්චිත සේවා කාලයක් සදහා වන කොන්ත්‍රාත් සේවකයන් කුලියට ගැනීමට ශ්‍රී ලංකා කම්කරු නීතිය අවසර ලබා දෙයි. කම්කරු නීතිවල නිශ්චිත සේවා කාල ගිවිසුම් සඳහා ප්‍රතිපාදන නොමැත. නීතිය කතා කරන්නේ තාවකාලික සේවකයන් පිළිබඳව වන අතර  කිසියම් වසරක් තුළ මුළු එකතුව දින 180 කට වැඩි නොවන සංඛ්‍යාවක් තුළ තාවකාලික ස්වභාවයේ කාර්යයන් ඉටු කිරී සදහා සේවායෝජකයෙකු විසින් තාවකාලික ලෙස සේවයේ යොදවනු ලබන්නෝ මීට අයත් වෙති. 

මූලාශ්‍රය :  1999 අංක 32 දරන සේවක සභා පනත 54 වගන්තිය

පරිවාස කාලය

පරිවාස කාලය ක්‍රියාත්මක වන කාල සීමාව පිළිබඳ ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය තුළ පැහැදිලි විධිවිධාන නොමැත. සාමාන්‍යයෙන් පරිවාස කාලය මාස 6 කි. පරිවාස කාලය, එකී පරිවාස කාලය සඳහා බලපවත්වන කොන්දේසි සහ පරිවාස කාලය තුළදී රැකියා ගිවිසුම අවසන් කළ හැකි වන්නේ කවර තත්ත්වයන් යටතේද යන්න සේවායෝජකයා විසින් පැහැදිලිව සදහන් කළ යුතු බවට සාප්පු හා කාර්යාල සේවක පනත නියම කරයි.

උපරිම වශයෙන් වසරක කාලයක් දක්වා සේවායෝජකයන් සහ සේවකයන් පුහුණු ගිවිසුමකට එළඹිය හැකි බවට 1978 අංක 08 දරණ අභ්‍යාසලාභීන් සේවයේ යෙදවීම (පුද්ගලික අංශය) පනත මගින් ප්‍රතිපාදන සලසා දෙයි. පුහුණු කාල පරිච්ඡේදය අවසානයේදී විනය හේතු හෝ තෝරාගත් වෘත්තිය තුළ සතුටුදායක ලෙස නිපුණතාවයක් ලබාගැනීමට අපොහොසත් වීම යන කරුණු නොවේ නම් , අභ්‍යාසලාභියෙකුට සේවායෝජකයා විසින් රැකියාවක් ලබා දිම හෝ විකල්ප වශයෙන් ඔහුට සුදුසු රැකියාවක් සෙවිය යුතුය.

මුලාශ්‍රය :  1954 සාප්පු හා කාර්යාල (සේවා නියුක්තිය හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත රෙගුලාසි 15 (උ)  : 1978 අංක 08 දරන අභ්‍යාසලාභීන්  සේවයෙහි යෙදවීම (පුද්ගලික අංශය)

සේවා නියුක්ති කොන්දේසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
Loading...