බලෙන් / බැඳුම්කර මත සේවය ලබා ගැනීම

This page was last updated on: 20-05-04

බලෙන් අනිවාර්ය ලෙස ශ්‍රමය ලබාගැනීම තහනම් කිරීම

බලෙන් හෝ අනිවාර්ය ලෙස ශ්‍රමය ලබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව තහනම් වේ. දණ්ඩ නීති සංග්‍රහයද බලෙන් හෝ අනිවාර්ය ශ්‍රමය ලබාගැනීම තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකයි.

මෙම වගන්තියෙහි ඇති විධිවිධාන උල්ලංඝනය කරන පුද්ගලයෙකු වරදක් සිදු කරන අතර ඊට වරදකරු කරනු ලැබුවහොත් අවුරුදු 20කට නොවැඩි සිර දඬුවමකට හෝ දඩයකට ලක් කළ හැකිය. කෙසේ වුවද ළමයෙකු වෙතින් බලෙන් ශ්‍රමය ලබාගත හොත් එම වරද සිදු කරනු ලැබූ පුද්ගලයා අවුරුදු 30කට නොවැඩි සිර දඬුවමකට සහ දඩයකට ලක් කළ හැකිය.

මූලාශ්‍රය : 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව : 1885 දණ්ඩ නීති සංග්‍රහයේ 258 වගන්තිය

රැකියා වෙනස් කිරීමේ නිදහස හෝ රැකියාව අතහැර යාමේ අයිතිය

තම සේවා යෝජකයාට නිසි ලෙස දැනුම් දීමකින් අනතුරුව රැකියා වෙනස් කිරීමේ අයිතිය සේවකයන්ට ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට රැකියා සුරක්ෂිතතාවය යන කොටස බලන්න.

මුලාශ්‍රය : 1950 කාර්මික ආරවුල් පනත 31 වගන්තිය

අමානුෂික සේවා තත්ත්වයන්

සතියකට පැය 40 ක් සහ දිනකට පැය 8 ක් වන සාමාන්‍ය වැඩ කිරීමේ පැය ගණන දීර්ඝ කරනු ලැබිය හැකිය. කර්මාන්ත ශාලා ආඥා පනත අනුව සාමාන්‍ය වැඩ කරන පැය ගණන කෑම ගැනීම සහ විවේකය සදහා විරාම කාලයක් ද ඇතුළුව දිනකට පැය 9 නොඉක්මවිය යුතුය. මේ සඳහා වැඩිදුර තොරතුරු ලබාගැනීමට වන්දි ගෙවීම යන කොටස බලන්න .

මූලාශ්‍රය : 1954 සාප්පු හා කාර්යාල සේවක පනත 6, 7 රෙගුලාසි

බලෙන් ශ්‍රමය ලබාගැනීම පිලිබඳ රෙගුලාසි :

  • 2010 වර්ෂය දක්වා සංශෝධනය කරන ලද පරිදි 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව / 1978 இலங்கை யாப்பு 2010 வரை திருத்தப்பட்டுள்ளது / The Constitution of Sri Lanka 1978, amended up to 2015
  • 1885 දණ්ඩ නීති සංග්‍රහය / குற்றவியல் சட்டக்கோவை 1885 / Penal Code, 1885
Loading...