සේවයෙහි නිරතව සිටියදී සෞඛ්‍ය හා ආරක්ෂාව

This page was last updated on: 20-05-04

සේවායෝජක ආරක්ෂණයන්

කර්මාන්තශාලා ආඥා පනත අනුව සේවා ස්ථානයෙහි සේවය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සුභසාධනය තහවුරු කරනු පිණිස පියවර ගැනීම සේවායෝජකයාගේ වගකීම වේ. සේවා පරිශ්‍රයෙහි ගුණාත්මක භාවය, පිරිස වැඩිවීම, පිරිසිදු භාවය, සුදුසු උෂ්ණත්වය පවත්වා ගැනීම, වාතාශ්‍රය, ආලෝකය සැපයීම, ජලාප්‍රවාහනය සහ සනීපාරක්ෂාව පරීක්ෂා කිරීම පිණිස සේවා ස්ථානය පරීක්ෂා කළ යුතු වේ. හැකිතරම් උපරිම සෞඛ්‍යාරක්ෂිත මට්ටමින් යන්ත්‍රෝපකරණ, ක්‍රමෝපායන්, සංක්‍රමණය උපකරණ, උපාංග මෙවලම් සහ යන්ත්‍ර පවත්වා ගනිමින් සහ එවැනි දෑ ස්ථාපනය කිරීම මගින් සේවකයාගේ ආරක්ෂාව තහවුරු කළ යුතු වේ. භාවිතා කරන ආයුධ, උපකරණ, යන්ත්‍රෝපකරණ හෝ නිපැයුම් සේවකයන්ගේ ආරක්ෂාව සහතික වන ලෙස නිසි පරිදි සංවිධානය කළ යුතුයි. ඇද වැටීමට ඇති අවදානම, වස්තුන් එහා මෙහා ගෙනයාම, අනතුරුදායක යන්ත්‍ර සහ උපකරණවලින් ආරක්ෂාව, හුදකලා පරිසරය තුළ සිදුකරනු ලබන කාර්යයන් හෝ සීමිත ප්‍රදේශ තුළ සිදු කරනු ලබන කාර්යයට අදාල නිවාරණ ක්‍රියාමාර්ග, ද්‍රාවණ පිටාර ගැලීම සහ ගින්නෙන් ආරක්ෂාව යනාදිය පිළිබඳව සේවා ස්ථානයක ඇති ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳව පරීක්ෂා කළ යුතු වේ. සේවයෙහි යොදවා ඇති පුද්ගලයන් හට දූවිලි, විෂ දුම් සහ අනිකුත් අපද්‍රව්‍ය ආග්‍රහණය වීම වළක්වා ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටින විධිවිධාන කර්මාන්ත ශාලා ආඥා පනතේ අඩංගු වෙයි. එංජිම වෙතින් විවෘත පරිසරය තුළට වාතය මුදාහැරීමේ අවශ්‍යතාවය සහ එසේම ඒ සමග කටයුතු කරන පුද්ගලයන්ට හැර අනිකුත් පුද්ගලයන්ට එංජිම මගින් නිකුත් කරනු ලබන  විෂ දුම ආග්‍රහණය වීම වැලැක්වීම සඳහා වැඩපලෙහි කාමර වෙන් කර  තැබීම වැනි අභ්‍යන්තර දහන එංජින් භාවිතයට අදාළ විශේෂ කොන්දේසි ද පනවා ඇත.

මූලාශ්‍රය :  1942 කර්මාන්ත ශාලා ආඥා පනත

නොමිලේ රැකවරණය

තෙත් හා හානිකර ද්‍රව්‍යන්ට නිරාවරණය වන ආකාරයේ කාර්යන් ඉටු කරන සේවකයන් හට ආරක්ෂිත උපකරණ (ශ්වසන උපකරණ, ඇස් ආරක්ෂා කිරීම සඳහා වන කණ්ණාඩි,  බැහැර කිරීමේ උපකරණ) ලබාදීම පිළිබඳව 1942 කර්මාන්ත ශාලා ආඥා පනතෙහි විවිධ විධිවිධාන මගින් සේවායෝජකයන් හට නියම කරනු ලැබේ.

මූලාශ්‍රය : 1942 කර්මාන්තශාලා ආඥා පනතෙහි 3, 51, 53 සහ 58

පුහුණුව

කිසියම් යන්ත්‍රයක් ක්‍රියාකරවීමේදී ඇති විය හැකි අනතුරු පිළිබඳව පූර්ණ වශයෙන්ම උපදෙස් ලබා දී නැත්නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පුහුණුව ලබා නැත්නම් සහ පළපුරුද්ද සහ දැනුම ඇති සේවකයෙකුගේ අධීක්ෂණය යටතේ නොකරන්නේ නම් තරුණ සේවකයෙකු (වයස අවුරුදු 18ට අඩු) යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා සේවයෙහි යෙදීමට ඉඩ නොදිය යුතු බව කර්මාන්ත ශාලා ආඥා පනත නියම කරයි.

මූලාශ්‍රය :  1942 කර්මාන්ත ශාලා ආඥා පනත 26

කම්කරු පරික්ෂණ ක්‍රමවේදය

කම්කරු පරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාවෙහි යොදන ප්‍රථම දකුණු ආසියානු රට බවට පත් වූ ශ්‍රී  ලංකාව සී 081 හි විධිවිධාන හා අනුගතව කම්කරු පරික්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි. රටෙහි කම්කරු දෙපාර්තමේන්තුවෙහි කාර්යාල 56 හි කම්කරු පරිපාලන ආයතන වඩාත් හොඳින් සම්බන්ධීකරණය කිරීමට මෙම ක්‍රමවේදය මගින් කම්කරු අමාත්‍යංශයට ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම සහ නිතිපතා පරික්ෂා කිරීම මගින් සේවා ස්ථානවලදී සේවකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳව සහතික වීම කම්කරු දෙපාර්තමේන්තුවෙහි කාර්මික ආර්කෂක අංශය විසින් සිදු කරනු ලැබේ. කම්කරු පරීක්ෂන ක්‍රමය සපයන්නේ කර්මාන්තශාලා ආඥා පනතේ විවිධ විධිවිධාන යටතේය.

සේවා ස්ථාන පරිශ්‍රයට පිවිසීම, විමර්ශන කටයුතු සඳහා නිදර්ශන ලබාගැනීම, හදිසි අනතුරු සහ අනතුරුදායක සිදුවීම් පිළිබඳව විමර්ශන සිදු කිරීම සහ අවදානම් තත්ත්වය පහව යනතෙක් හෝ සුදුසු මට්ටමකට අඩු වන තෙක් තහනම්  හෝ වැඩි දියුණු කිරීම පිලිබඳව නිවේදන නිකුත් කිරීම සඳහා පරික්ෂකවරයා හට බලතල ඇත. 

සෞඛ්‍ය හා සේවයට අදාල රෙගුලාසි :

  • 1942 කර්මාන්තශාලා ආඥාපනත / 1942 ஆம் ஆண்டு தொழிற்சாலை கட்டளைச்சட்டம் / Factories Ordinance, 1942
Loading...