සේවය කරන අතරතුරදී තුවාල ලැබු විට ප්‍රතිලාභ

This page was last updated on: 20-05-04

ආබාධිත තත්ත්වය / සේවය කරන කාලය තුළදී තුවාල ලැබීම වෙනුවෙන් දීමනා

සේවය කරන කාලය තුළදී තුවාල සිදුවීම් කාණ්ඩ 4කට බෙදනු ලැබේ. (1) ස්ථිර පූර්ණ අශනුක්තතාවය (2) ස්ථිර අර්ධ අශනුක්තතාවය (3) තාවකාලික අශනුක්තතාවය සහ (4) සේවකයෙකුගේ මරණය සිදුවිය හැකි ආකාරයේ මාරාන්තික තුවාල

තුවාල ලැබීමකදී ගෙවනු ලබන වන්දි ප්‍රමාණය සේවකයාගේ වැටුප් මත පදනම් වේ.

සේවයේදී තුවාල ලැබීම වෙනුවෙන් ප්‍රතිලාභ හිමි වනුයේ අවම වශයෙන් මාස 06 ක කාලයක් සේවයෙහි නිරත වූ සේවකයන්ට වන අතර තාවකාලික ආබාධිත තත්ත්වය පිළිබඳව ප්‍රතිලාභ ලැබීමට තිබිය යුතු අවම කාල පරිච්ඡේදය දින 03 කි.

ස්ථිර පූර්ණ අශනුක්තතාවය / ආබාධිත තත්ත්වය ඇති වූ අවස්ථාවකදී ගෙවනු ලබන වන්දි ප්‍රමාණය සේවකයාගේ වැටුප් කාණ්ඩය මත පදනම්ව එකවර මුදලක් ලෙස ගෙවනු ලැබේ. අවම ස්ථිර ආබාධිතතත්ව ප්‍රතිලාභය රු. 196,083,80 වන අතර උපරිම ආබාධිත තත්ව ප්‍රතිලාභය රු 550,000 කි. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ද ස්ථිර දුබලතා හේතුවෙන් රැකියා අහිමි වන අවස්ථාවලදී ප්‍රතිලාභ ලබාදෙයි. ප්‍රතිලාභය ආබාධිත තත්ත්වය මත රුපියල් 200,000ක උපරිමයට යටත් වේ. සේවකයෙකු මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබනුයේ, ආබාධිත තත්ත්වය 50% කට වැඩි අවස්ථාවක ඇති විට සහ එම සේවා යෝජකයා විසින්  ආබාධිත තත්ත්වය හේතුවෙන් රැකියාව අවලංගු කරන බවට සහතික කළවිට පමණි.

ස්ථිර අර්ධ ආබාධිත තත්ත්වයකදී ගෙවනු ලබන වන්දි ප්‍රමාණය තක්සේරු කරන ලද ආබාධිත තත්ත්වය ප්‍රමාණය මත පදනම් වේ. තාවකාලික ආබාධිත තත්ත්වයකදී වැටුපෙන් 50% ක් අවුරුදු 5  දක්වා කාල පරිච්ඡේදයක් සඳහා ගෙවනු ලැබේ. මාස 6කට පසු එකවර මුදලක් ලෙස ප්‍රතිලාභ ගෙවිය හැකිය. අවම තාවකාලික ආබාධිත තත්ව ප්‍රතිලාභය රු. 1320 වන අතර උපරිම ප්‍රතිලාභය රු. 5500 කි.

මාරාන්තික තුවාල ලැබීමකදී සේවකයාගේ වැටුප් පන්තිය / කාණ්ඩය අනුව ඔහුගේ යැපෙන්නන් හට (වැන්දඹුව, ළමයින්, වැන්දඹු මව) එකවර මුදලක් ලෙස වන්දි ලබා දෙනු ලැබේ. යැපෙන්නන්ට ලබා දෙනු ලබන අවම ප්‍රතිලාභය රු. 196,083.80 වන අතර උපරිම ප්‍රතිලාභ මුදල රු. 550,000 කි.

අවමගුල් වියදම් යැපෙන්නන්ගේ දීමනා වලින් අඩු කර ගනු ලබන අතර එම වියදම් දරන ලද පුද්ගලයාට ඒවා ගෙවනු ලැබේ. එම වියදම් පහත සඳහන් ප්‍රමාණයට වැඩිවිය නොහැක.

  1. වන්දි මුදල රු. 200,000 ඉක්මවා නොයයි නම් රු. 10,000

  2. වන්දි මුදල රු. 300,000 ඉක්මවා නොයයි නම් රු.15000

  3. වන්දි මුදල රු. 500,000 ඉක්මවා නොයයි නම් රු. 20,000

මුලාශ්‍රය :   1934 සේවක වන්දි ආඥා පනතෙහි 111 කොටස හා 1V   උපලේඛනය, 6, 12 වගන්ති   201 4 ශ්‍රී ලංකාව සඳහා වන ISSA  දේශිය වාර්තාව

Loading...