සේවා සහ වේතන

අවම වේතනය

"ශ්‍රී ලංකාවේ තනි එකම අවම වේතනයක් නොමැත. ශ්‍රී ලංකාවේ වෘත්තින් 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒ ඒ අංශයට සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික මණ්ඩල මගින් අවම වේතන නිශ්චය කරනු ලැබේ. පඩිපාලක සභා ආඥා පනත යටතේ පිහිටුවන ලද පඩිපාලක සභා මගින් පැය, දින, සති මාස පදනම මත අවම වැටුප් තිරණය කරනු ලැබේ. කිසියම් නිශ්චිත වෘත්තියකට අදාල පඩිපාලක සභාවක් මගින් තීරණය කරන ලද අවම වැටුප සේවායෝජකයන් විසින් ගෙවිය යුතු වේ.  

අවම වැටුප් අනුපාතය තීරණය කිරීම පිලිබඳ නිශ්චිත නිර්ණායක නොමැත. එම වෘත්තිය තුළ සේවකයන්ට අදාල වන ජීවන වියදම් දර්ශකයේ විචල්‍යතාවයට අනුව එය සකසනු ලැබේ. වෘත්තිය අංශය, ප්‍රදේශය සහ සේවක කාණ්ඩය අනුව අවම වැටුප් අනුපාතික වෙනස් වේ. රජය වෘත්තිය සමිති නියෝජිතයන් සහ සේවායෝජකයන් අන්‍යොන්‍ය ලෙස එක්ව අවම වැටුප් අනුපාතිකයේ වැඩිවීම් තිරණය කරනු ලැබේ. 

ශ්‍රමිකයන් සඳහා ජාතික අවම වැටුප් පනත 2016 යටතේ, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවවක සියලු කම්කරුවන් සඳහා ජාතික මාසික අවම වැටුප රුපියල් 10,000 (දස දහස) ලෙස සකසන අතර කම්කරුවෙක් සඳහා ජාතික අවම දෛනික වැටුප් රුපියල් 400 (හාරසියය) ලෙස රුපියල් සකසනු ඇත. සේවා යෝජකයා පරිශ්‍රයේ පහත සඳහන් තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වාගෙන යාමට අනිවාර්ය වේ: ඔහු යටතේ වන එක් එක් කම්කරුවකුගේ නම; එක් එක් සේවකයෙකු විසින් ඉටුකරන වැඩ පන්තිය; සහ එක් එක් සේවකයකු වෙත ගෙවන මුදල් පමාණය කොපමණද. සේවා යෝජකයා වසර 6 ක කාලයක් සඳහා එම ලේඛනය ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

රාජකාරී කළ කාලය සඳහා අවම වැටුප් අනුපාතයක් (සාමාන්‍ය අවම කාල අනුපාතය ලෙස සඳහන්),  රාජකාරී කොටසකට කම්කරුවන් සඳහා අදාළ අවම කාල අනුපාතයක් (සාමාන්‍ය රාජකාරී කොටස ලෙස සඳහන්), රාජකාරියේ නියුතු කාලය මත පදනම්ව අවම පාරිතෝෂිකයක් සහතික කිරීමට සේවක රාජකාරී කොටසකට අදාළ අවම කාල අනුපාතයක් (සහතික කළ කාල අනුපාතය ලෙස සඳහන්), සහ සේවකයින් විසින් සිදු කළ අතිකාල කාර්යයක් සඳහා අවම අනුපාතයක් (අතිකාල අනුපාතය ලෙස සඳහන්) වැටුප් මණ්ඩලය තීරණය කරයි.

කම්කරු අයවැය සහන දීමනා පනත 2016 යටතේ, සේවා යෝජකයන් සෑම සේවකයෙකුටම පහත මුදල් ප්‍රමාණ සේවකයාගේ සුපුරුදු වේතනය මත පදනම්ව "අයවැය සහන දීමනා" ලෙස 2015 මැයි මස 01 වන දින සිට(2015 දෙසැම්බර් දක්වා)  ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මුදල් ප්‍රමාණ ගෙවීමට අවශ්‍ය වේ:

අ)   මාසික වැටුප රුපියල් 40,000 නොඉක්මවයි නම්, මසකට රුපියල් 1,500 බැගින්;

ආ)  ඔහුගේ / ඇයගේ දෛනික අනුපාතය රුපියල් 1,600 නොඉක්මවයි නම්,  දිනකට රුපියල් 60;

ඇ)  රාජකාරී කොටස් ශ්‍රේණිගත සේවකයන් සඳහා මාසයක් තුළ සේවකයෙක් සඳහා ගෙවිය යුතු

       වැටුපෙන් හෝ වේතනයෙන් 15% ක්;

ඉ)  වැටුප් අනුපාතය රුපියල් 40,000 ට වැඩි එහෙත් රුපියල් 41,500 (උපරිම වැටුප්) නොඉක්මවන

      අවස්ථාවලදී සැබෑ වැටුප් හා උපරිම වැටුප් අතර වෙනස; සහ

ඊ)  දෛනික අනුපාතය රුපියල් 1,600  සහ 1,660  සඳහා අතර නම්, රුපියල් 41,500 ක් සහ ඊට අදාළ  

      මාසයේ මුළු වැටුප් අතර ඇති වෙනසෙන් 4%  ක්.  

පළමු අවස්ථා තුන සඳහා අයවැය සහන දීමනා උපරිම මුදල රුපියල් 1,500 ක් වේ.

2016 ජනවාරි මස සිට, කම්කරුවන්ගේ සුපුරුදු වේතනය මත පදනම්ව පහත වටිනාකම් "අයවැය සහන දීමනා" ලෙස ගෙවනු ලැබේ:

අ)   මාසික වැටුප රුපියල් 40,000 නොඉක්මවයි නම්, මසකට රුපියල් 1,000;

ආ)  ඔහු/ඇය මාසික වැටුප රුපියල් 1,600 නොඉක්මවයි නම්, දිනකට රුපියල් 40; සහ

ඇ)  රාජකාරී කොටස් ශ්‍රේණිගත සේවකයන් සඳහා මාසයක් තුළ සේවකයෙක් සඳහා ගෙවිය යුතු වැටුපෙන් හෝ වේතනයෙන් 10% ක්;

2016 දී අයවැය සහන දීමනා උපරිම මුදල රුපියල් 1,000 ක් වෙයි.

මූලාශ්‍රය:  වැටුප් පාලක සභා ආඥා පනත - 21-22 නීති සංග්‍රහ; කම්කරු අයවැය සහන දීමනා පනත, 2016 - 3 නීති සංග්‍රහය; කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත, 2016 - 3 සහ 5 නීති සංග්‍රහ

නිතිපතා ගෙවීම් සිදු කිරීම

"පඩිපාලක සභා ආඥා පනත අනුව වේතනය‍ට  යන්නට අතිකාල සේවය හෝ කිසියම් නිවාඩු දිනයක සේවය සඳහා ගෙවන පරිශ්‍රමිකයද ඇතුළත් වේ.  වේතන ගෙවීමට අදාළ විධිවිධාන පඩිපාලක සභා ආඥාපනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත යන නීති මුලාශ්‍ර දෙක තුළ අඩංගුව ඇත.

කිසියම් නිශ්චිත වෘත්තියක් සඳහා වන වේතන කාල පරිච්ඡේදය පඩිපාලක සභාවක් විසින් තීරණය කොට සේවකයන්ට වැටුප් ගෙවිය යුත්තේ දින කීයක් ගත වුණු පසුවද යන්න  නියම කරනු ලැබේ.

කිසියම් සේවකයෙකු පඩිපාලක සභාවක තීරණය මගින් ආවරණය කරනු නොලැබේ නම් වේතන කාල පරිච්ඡේදය සේවා යෝජකයා විසින් තීරණය කරනු ලැබිය හැකිය. කෙසේ වුවද මෙම එක් අවස්ථාවකදීවත් වේතන කාල පරිච්ඡේදය එක් මාසයක් නොඉක්මවිය යුතුය. පහත සඳහන් විරාමයන්ට අනුව වේතන ගෙවිය යුතු බවට පඩිපාලක සභා ආඥා පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත මගින් නියම කරනු ලැබේ. 

-  කාල පරිච්ඡේදය සතියක් ඉක්මවා නොයයි නම් එම කාල පරිච්ඡේදය අවසන් වී දින 3 ක් ඇතුලත   

- කාල පරිච්ඡේදය සති 2 ක් ඉක්මවා නොමැති නම් වේතන කාල පරිච්ඡේදය අවසන් වී දින 5 ක් ඇතුලත

- කාල පරිච්ඡේදය සති දෙක ඉක්මවන්නේ නම් (නමුත් එය මාසයකට අඩු නම්) වේතන පරිච්ඡේදය නිමවී දින 10 ක් ඇතුලත

යම් යම් නොවැලැක්විය හැකි හේතු මත නියමිත කාල පරිච්ඡේදය තුළදී සේවකයා හට පාරිශ්‍රමිකය ගෙවීමට සේවා යෝජකයාට හැකියාවක් නොලැබේ නම්, සේවායෝජකයා විසින් පාරිශ්‍රමිකය රඳවා තබා ගෙන හැකි ඉක්මනින් එය ගෙවිය යුතු වේ.

නීතිය මගින් අවසර  දී ඇති අඩුකිරීම් හැර වෙනත් කිසිම ආකාරයකින් වැටුපෙන් අඩු කිරීම් සිදු නොකරන ලෙසට පඩි පාලක සභා ආඥාපනත සහ සාප්පු සහ කාර්යාල සේවක පනත මගින් සේවායෝජකයාට නියම කර ඇත. නීතිය මගින් අවසර  දී ඇති අඩු කිරීම් වන්නේ ආදායම් බදු අය කර ගැනීමට අදාළ අඩු කිරීම්, සේවක අර්ථසාධක අරමුදල සඳහා අඩු කර ගැනීම් සහ අනුමත අර්ථසාධක අරමුදල් ආදිය සඳහා සිදු කරනු ලබන අඩුකිරිම්ය. සේවායෝජකයෙකු නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයාගේ වැටුපෙන් අඩු කරගැනීම් සිදු කරයි නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමේ අවදානමක් ඇත.

අයහපත් කල් ක්‍රියාව හේතු කොටගෙන කිසියම් මුදලක් සේවක වැටුපෙන් අඩු කිරීමට සේවායෝජකයාට අවසර ඇත. ඒ වෙනුවට එවැනි දඩ පැනවීම් වැළැක්වීම පිණිස කිසියම් ආකාරයක පිළිගත් හැසිරීමක් පවත්වා ගෙන යන ලෙස සේවකයාට නියම කළ හැකිය. සේවකයා විසින් සපුරාලිය යුතු බවට නීතිය මගින් නියම කරනු ලබන සැබෑ වගකීමක් ලෙස එවැනි පිලිගත් හැසිරීම් කෙනෙකුට අර්ථ නිරූපණය කළ හැකිය. උදා :  සාධාරණ හේතුවක් නොමැතිව  සේවයට නොපැමිණීම, සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රමාද වී සේවයට පැමිණීම, තම රාජකාරියට අදාළ දෙන ලද නීත්‍යානුකූල විධානයක් අනුව කටයුතු කිරීම චේතනාන්විතවම පැහැර හැරීම සහ වැඩ කරන කාලය තුලදී බීමත්ව සිටීම ආදිය දැක්විය හැකිය. කෙසේ වුවද එවැනි දඩ අදාළ කාල පරිච්ඡේදයට නියමිත සම්පූර්ණ වැටුපෙන් 5% නොඉක්මවිය යුතු අතර එය එම ප්‍රමාණය ඉක්මවයි නම් ඒ සඳහා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු වේ.

සාප්පු හා කාර්යාල සේවක පනත 17 නියාමනය යටතේ  සේවායෝජකයා වැටුප් වාර්තාවක්  තබා ගැනීම අවශ්‍ය වන අතර, එහි පහත තොරතුරු ඇතුලත් විය යුතුය: සේවානියුක්තිකයාගේ නම; වයස; ස්ත්‍රී පුරුෂ භාවය; පංතිය හෝ ශ්‍රේණිය, කුමන හෝ; කොටස හෝ තනතුර සහ රැකියාව; වේතන කාල සීමාව (මාසික, සති දෙකකට හෝ සතියකට වරක්); මෙම වේතන කාල සීමාව තුළ රාජකාරී කළ පැය සංඛ්‍යාව;  මෙම වේතන කාල සීමාව තුළ අතිකාල රාජකාරී කළ පැය සංඛ්‍යාව; ගෙවිය යුතු වේතන අනුපාතය; ගෙවිය යුතු දීමනා (එම එක් එක් දීමනාවන් වෙන් වශයෙන් පෙන්වමින්);  වේතන කාල සීමාව උපයා ඇති දළ වැටුප; දළ වැටුපෙන් කළ සියලුම කපාහැරීම් (එම එක් එක් කපාහැරීම් වෙන් වශයෙන් පෙන්වමින්);  වේතන කාල සීමාව තුළ වැටුප මත සිදුකළ සියලුම අත්තිකාරම්; වේතන කාල සීමාව සම්බන්ධව ඕනෑම විශ්‍රාමික හෝ දූරදර්ශී අරමුදලක් වෙත පිළිවෙලින් සේවායෝජකයා සහ සේවානියුක්තිකයා විසින් සිදුකළ දායකත්වයන්; එක් එක් වේතන කාල සීමාව සම්බන්ධයෙන් ගෙවන ලද මුළු අතිකාල  වේතනය; ආදායම් බදු ආඥා පනත හෝ වෙනත් ඕනෑම ලිඛිත නීතියක් හෝ අධිකරණ ඇණවුම් යටතේ උපයා ඇති මුදල; ශුද්ධ වේතනය ලැබුණු බවට සාක්ෂි සඳහා සේවා නියුක්තිකයාගේ පිළිගත් කුවිතාන්සිය. සේවායෝජකයන් මේ දක්වා වේතනය වාර්තා තබා ගත යුත් අතර එය වසර 4 ක කාලයක් සඳහා ආරක්ෂා කිරීමට අවශ්‍ය වේ.

සේවායෝජකයන් සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ වේතනය නීත්‍යානුකූල ටෙන්ඩරයේ වන පුද්ගලයාට කිසිදු කපාහැරීමකින් තොරව (එවැනි පුද්ගලයෙකුගේ එකඟතාවය ඇතිව සහ නීතිය යටතේ බලයලත් පුද්ගලයන් හැර) ගෙවිය යුතුය. කෙසේ වෙතත් නීතිය අනුව සේවකයෙක් හේතුවෙන් අයකර ගන්නා ලද එවැනි සමස්ත වේතනය කපාහැරීම් 60%  ක් නොඉක්මවිය යුතුය. 

කෙසේ වෙතත් වැටුප් මණ්ඩල ආඥා පනතේ  විවිධ විධිවිධාන ඇත. එසේම සේවායෝජකයා වේතනය සෘජුවම  නීත්‍යානුකූල ටෙන්ඩරයේ වන සේවකයාට කිසිදු අනවසර කපාහැරීමකින් තොරව ගෙවිය යුතුය. කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් නිශ්චිතව දක්වා වෘත්තීයක යෙදී සිටින සේවකයන් සඳහා එවැනි අඩු කිරීම් 75% ක් නොඉක්මවිය යුතු අතර වෙනත් ඕනෑම වෘත්තියක යෙදී සිටින සේවකයන් සඳහා එය 50% නොඉක්මවිය යුතුය.

මූලාශ්‍රය:  වැටුප් පාලක සභා ආඥා පනත - 2, 5 සහ 23 නීති සංග්‍රහ; සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ 19 නීති සංග්‍රහය සහ 17 නියාමනය

Cite this page © WageIndicator 2017 - Salary.lk - සේවා සහ වේතන