සමාජ ආරක්ෂණය

This page was last updated on: 20-05-04

විශ්‍රාම හිමිකම්

සේවකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ කරන විට (කාන්තා සේවිකාවන් සඳහා අවුරුදු 50)  හෝ ඔවුන් ආවරණය  කරන ලද සේවයෙන් ඉවත් වී රාජ්‍ය සේවයට එක් වන විට, සේවයෙහි නියුතු කාන්තාවක විවාහ වීමේදී, ශ්‍රී ලංකාවෙන් විදේශ රටක  ස්ථිර ලෙස සංක්‍රමණයේදී, නිත්‍ය ආබාධිත තත්ත්වයට පත් වීමේදී, රජයේ නියෝග මත සේවා ස්ථානය වසා දමනු ලැබීමකදී රක්ෂණය කරන ලද සේවකයන් හට වයස්ගත වීම පිළිබඳ ප්‍රතිලාභ (විශ්‍රාම ප්‍රතිලාභ) හිමි වේ. මේ සඳහා ප්‍රතිලාභ  දායකත්වය ගෙවීමට අවශ්‍ය  අවම කාල පරිච්ඡේදය අවුරුදු 10 කි.

වයස්ගත වීම පිළිබඳ ප්‍රතිලාභය සේවකයා සහ සේවායෝජකයා විසින් ගෙවන ලද දායකත්ව මුදල හා පොලිය ලෙස එකවර ලබා දෙනු ලබන මුදලකි. ලාභාංශ ප්‍රතිලාභය වසරකට  රු. 1000 කි. 

සේවක අර්ථසාධක අරමුදල පනත යටෙත්, සේවා නියුක්තිකයාගේ දායකත්වය ඔහුගේ/ඇයගේ මුළු ආදායමෙන් 8% ක් වන අතර සේවා යෝජකයාගේ දායකත්වය ශ්‍රමිකයන්ගේ ආදායමෙන් 12% ක් වේ. සේවා යෝජකයා ඊළඟ මාසයේ අවසාන දිනයට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත මුළු සේවක ඉපැයීමෙන් 20% ක් ප්‍රේෂණය කළ යුතුවේ.

මූලාශ්‍රය: සේවක අර්ථසාධක අරමුදල් පනත, 1958 - 10 සහ 23 නීති සංග්‍රහ

යැපෙන්නන් / ජීවත්ව සිටින අය සඳහා ප්‍රතිලාභ

අරමුදලට දායක වූ සාමාජිකයා විශ්‍රාම යාමට පෙර මිය ගියහොත්, නිත්‍යානුකූල උරුමකරුවන්ට හෝ නම් කරන ලද පුද්ගලයාට ජීවතුන්ව සිටින අය සදහා වන ප්‍රතිලාභය ලබා දීමට  නීතිය අනුව හැකිය. සේවකයා සහ සේවායෝජකයා විසින් ලබා දෙන ලද දායක මුදල් සහ එහි පොලියෙහි මුළු එකතුව එකවර ගෙවන මුදලක් ලෙස සුදුසුකම් ලබන ජීවත්ව සිටින උරුමකරුවන් එක් අයෙකුට හෝ වැඩි දෙනෙකුට ප්‍රතිලාභයන් ලෙස ගෙවනු ලැබේ. 

මූලාශ්‍රය: 1980 සේවකයන්ගේ භාර අරමුදල් පනත 25 වගන්තිය

අබලතා ප්‍රතිලාභය

වෘත්තිමය නොවන හදිසි අනතුරු / රෝග / තුවාල සිදුවීම මගින් ස්ථිර අබලතාවයට පත් වුවහොත් ඒ සඳහා අබලතා ප්‍රතිලාභ ලබාදීමට 1980 සේවක භාර අරමුදල් පනත ප්‍රතිපාදන සලසා දෙයි. සේවක හා සේවා යෝජක දායක මුදල් හා එහි පොලියෙහි එකතුව එකවර ගෙවන මුදලක් ලෙස මෙම ප්‍රතිලාභය  ලබා දෙනු ලැබේ. සේවය කිරීම සම්බන්ධයෙන් සේවකයා පූර්ණ හා ස්ථිර අශනුක්තාවයට  පත්වී ඇත්ද යන්න පිලිබඳව පරික්ෂා කළ යුතුය.

මුලාශ්‍රය:  1980  සේවකයන්ගේ භාර අරමුදල් පනත, 24 වගන්තිය

සමාජ ආරක්ෂණය පිලිබඳ රෙගුලාසි :

  • 1958 සේවක අර්ථසාධක අරමුදල් පනත / ஊழியர் சேமலாபநிதி சட்டம் 1958 / Employees' Provident Fund Act, 1958
  • 1980 සේවක භාර අරමුදල් පනත / ஊழியர் நம்பிக்கை நிதி சட்டம் 1980 / Employees' Trust Fund Act, 1980
Loading...